මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය ලබන සතියේ ජනතා අයිතියට

0
348

මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

කිලෝමීටර් 40 ක දිගින් යුතු මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස මංතීරු 4කින් සමන්විත වේ.

එය අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5කින් සමන්විත වන අතර මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

පසුගිය 2017 වසරේදී අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here