මුමිබායි ඉන්ඩියන්ස් කණ්ඩායමට අද විශේෂයි

0
291

මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අද දිනය තුළ ආශ්චර්යයක් කිරීමට සිදුව තිබෙනවා. ඒ, අවසන් කණ්ඩායම් 04 ට තේරී පත්වීමටයි.

තරඟ 13 න් 06 ක් පමණක් ජයගෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ 07 වන ස්ථානයේයි. ඒ අනුව ඔවුන් සහභාගී වන අවසන් තරඟය වන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි අද තරඟය ඔවුන ලකුණු 171 කින් ජය ගැනීම අනිවාර්ය වී තිබෙනවා. ඒ, දළ ලකුණු වේගය මත අවසන් 04 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමටයි.

කෙසේවෙතත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පළමුව පන්දු යැවීමට සිදුවුවහොත් ඔවුන්ගේ සිහිව බොඳවී යනු ඇත.

ඉකුත් වසරේ ඇතුලු අඛණ්ඩව අයි පී එල් ශූරතා දෙකක් සමඟ සමස්ථ ශූරතා 05 ක් දිනා ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි පී එල් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායමක් ලෙයසි සැලකෙන්නේ. එමෙන්ම මෙවර ලෝක කුසලානයට නම් කළ ඉන්දිය සංචිතයේ ක්‍රීඩකයින් 15 දෙනාගෙන් 06 දෙනෙකුම නියෝජනය කරන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here