Thursday, May 16, 2024

මෙරට සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතීන් අතර ජානමය සමානකම් රැසක්

මෙරට සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතීන් අතර බොහෝ ජානමය සමානකම් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී හෙළිව තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලය සහ ජෙනෙටෙක් ආයතනය විසින් වසර 4 ක් තිස්සේ කරන ලද අධ්‍යයනයකින් පසුව මෙම කරුණු අනාවරණය වී ඇත.

සිංහල ජාතිකයන් හා මුස්ලිම් ජාතිකයන් අතර ජානමය සමානකම් දෙමළ ජාතිකයන්ට වඩා වැඩි බව මෙහිදී හෙළිව තිබේ. නමුත් මීට පෙර බොහෝ දෙනා විශ්වාස කළේ දෙමළ හා සිංහල ජනයා අතර ජානමය සබඳතාව වැඩි බවයි.

මුස්ලිම්වරුන්ගේ මුල්බිම මැද පෙරදිග නොව ඉන්දියාව බව ද මෙම අධ්‍යයනයෙන් හෙළි වූ බව මෙහි ප‍්‍රධාන පර්යේෂිකා වෛද්‍ය ගයනි ගල්හේන මහත්මිය කියයි.

චතුර පමුණුව – දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles