Sunday, May 19, 2024

මෙවර ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව නොමැති විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව වටයක් පළමුවරට

2007 වසරේ සිට ඇරඹි පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ මේ තරගාවලියට පෙර පැවැති සෑම ලෝක කුසලාන තරගාවලිකම අවසන් පූර්ව වටයට පිවිසීමට ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව යන කණ්ඩායම් දෙකෙන් එකක් හෝ සුදුසුකම් ලබා ගත්තා.

කණ්ඩායම් දෙකම අවසන් පූර්ව තරග වරම් ලැබූ එකම අවස්ථාව 2014 වසරේදී සටහන් වන අතර එම අවසන් පූර්ව තරගවලින් දෙරටම ජය ලැබූ අතර අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ශ‍්‍රී ලංකාව ශූරතාව ජයග‍්‍රහණය කිරීමට සමත් විය.

 ඉන්දියාව 2007 වසරේ අවසන් පූර්ව තරග වරම් හිමි කර ගෙන පළමු ශූරතාවයද ජය ගත් අතර අවසන් වරට පැවැති 2016 තරගාවලියේද ඉන්දියාව අවසන් පූර්ව තරග වරම් හිමි කර ගත් අතර ශ‍්‍රී ලංකාව 2009 වසරේ, 2010 වසරේ, සහ 2012 වසරේද අවසන් පූර්ව තරග වරම් හිමි කර ගත් අතර ඉන් 2009 සහ 2012 වසරවල අනුශූරතාවය දක්වා ගමන් කළේය.

මෙවර තරගයෙන් තරග 5න් තරග තුනක් පරාද වීම නිසා ශ‍්‍රී ලංකාවට අවසන් පූර්ව තරග වරම් අහිමි වූ අතර ඉන්දියාව සුපිරි වටය යටතේ තරග දෙකක් පරාද වී තරග 3ක් ජය ගත්තද එය අවසන් පූර්ව තරග වටයට යාම සඳහා සුදුසුකම් නොලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles