Sunday, May 19, 2024

යළිත් කැබිනට් සංශෝධනයක් ! අගමැතිගේ තීන්දුවත් එයි

රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට රජයේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව ලබන ඔක්තෝම්බර් මස 15 වෙනිදා වන විට රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී ඇති අතර ඉන් පසු කැබිනට් මණඩලයේ වෙනස්කම් සිදු කිරීමට නියමිතයි.

එම කැබිනට් සංශෝධනයේදී විශාල වෙනස්කම් සිදු කිරීමට නියමිත අතර

කෙසේ වුවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව මෙම කැබිනට් සංශෝධනයට අකමැති වුවත්, මේ වන විට අගමැතිවරයා ද එයට සිය කැමැත්ත ප්‍රකාශ කර සිටින බවයි වාර්තා වන්නේ.

මේ දිනවල ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැඩි කලකිරීමකින් පසුවන අතර ඊට හේතු වී ඇත්තේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අයිතිය ඇමෙරිකානු සමාගමකට ලබාදීමේ රජයේ තීන්දුවය.

කැබිනට් මණ්ඩලයේ දී ඉතා අවම කතාබහකින් පසුව එම කොටස් අයිතිය රජය හොර රහසේම ඇමෙරිකානු සමාගමකට පැවරීම කර ඇතැයි ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරු මෙන්ම විපක්ෂය ද චෝදනා කරනවා.

මේ ආකාරයට ආණ්ඩුව තුළ යළිත් මතවාදාත්මක ගැටලු උත්සන්න වෙමින් පවතින අතර එය යම්තාක් දුරට අවම කිරීමට හැකිවන්නේ ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසුව බවයි ආරංචි මාර්ග පැවසූවේ.

source – am.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles