යෝෂිත රාජපක්ෂ හිරබත් කන්නට බෑ කියයි..!

0
673

දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති යෝෂිත රාජපක්ෂ මහතා බන්ධනාගාරයෙන් රැඳවියන් වෙත ලබාදෙන ආහාරවේල් වර්ජනය කර ඇතිබව වාර්තාවේ.

බන්ධනාගාරයට ඔහු රැගෙන ආ පළමු දිනයවූ පසුගිය  30 වැනිදා පමණක් බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර වේල් ලබාගැනීමට යෝෂිත රාජපක්ෂ මෙන්ම නිශාන්ත රණතුංග,රොහාන් වැලිවිට ඇතුළු පිරිස එකඟවී තිබූ අතර පසුදින තමන්ට හිරබත් කන්නට නොහැකිබව කියමින් ආහාර වර්ජනයක නිරතවී ඇත.

එසේම බන්ධනාගාර පාලන අධිකාරියෙන් ඔවුන් ඉල්ලීම් කර ඇත්තේ තමන්ට පිටතින් ආහාර ලබාගැනීමට අවසර ලබාදෙන ලෙසයි. ඒ අනුව යෝෂිත ඇතුළු පිරිසට මේ වනවිට තුන් වේල සඳහාම පිටතින් ආහාර ගෙන ඒම ඥාති හිතමිත්‍රාදීන් විසින් සිදුකරනු ලබයි.

(ජනරඟ දේවසුරේන්ද්‍ර‍)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here