Thursday, January 23, 2025

රජයට වී විකිණීම ගොවීන් ප්‍රතික්ෂේප කරයි(වීඩියෝ)

පෞද්ගලික සහල් මෝල් හිමියන් වැඩිමිලට සිය අස්වැන්න මිලදී ගැනීම නිසා අඩු මුදලකට රජයට වී කිලෝ දහසක් ලබාදිය නොහැකි බව රජරට ගොවීන් පවසයි.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ පුද්ගලික සහල් මෝල් හිමියන් වැඩි මිලට ගොවීන්ගෙන් වී මිලදී ගත්තද වැඩි මිලට සහල් අලෙවි කිරීමට වසර තුනක් යනතුරු ඔවුන්ට ඉඩ නොදෙන බවය.

වී කිලෝවක් සඳහා රුපියල් 50ක රජයේ සහතික මිල යටතේ සමූපකාර හරහා වී මිලදී ගැනීමේ වැඩසටහන මේ වනවිට අරඹා තිබේ.

නමුත් රජයේ සහතික මිලට වඩා වැඩි මුදලකට පෞද්ගලික අංශය වී මිලදී ගැනීම හේතුවෙන් රජයට වී කිලෝ දහසක් ලබාදීම ගොවීන් ප්‍රතික්ෂේප කරමින් සිටී.

කෙසේ වෙතත් සහල් වෙළෙඳුන් පවසන්නේ රජයේ පාලන මිලට සහල් අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles