Monday, May 20, 2024

රජය අලුතින් ලෙඩුන් එකතු කරයි!

පසුගිය කාලයේ දත්ත සැපයීමේ බරපතළ දෝෂයන් මාධ්‍ය හරහා වාර්තා කළ අතර ඉන්පසු ඒ සම්බන්ධව යම් පියවරක් ගෙන ඇති ආකාරයක් පෙනෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් පසුගිය 20 වනදා ට පෙර දින හතරකට අදාළ නව ආසාදිතයන් 4808 දෙනෙකු එක් කරමින් නව සංශෝදනයක් සිදු කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වුනේ එම දින හතරක කාලය තුළ ප්‍රමාදවී වාර්තා කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාව එක් කළ බවයි.

ඒ අනුව බලන කල දිනකට රෝගීන් 4000ක් පමණ වාර්තා වී ඇති බවක් පෙනී යයි.

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් තහවුරු කරන ලද මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 385,696 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සම්බන්ධයෙන්ද මෙවැනි වාර්තා ඉදිරියේ පළවනු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles