Friday, May 17, 2024

රට ගැන තියෙන බලාපොරොත්තු අතාරින්න එපා. ගෙවුණ වසර දෙක අපේ විවේචකයන්ට කරගහගෙන යන්න භාර දෙමු. අනාගතය අපි භාර ගමු.

රට ගැන තිබෙන බලාපොරොත්තු අත් නොහරින ලෙසත් රටේ අනාගතය අප භාරගත යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව සලකා බැලීමේදී එය වරායේ ගැඹුරටත් වඩා වැඩි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ගතවූ වසර දෙක පිළිබඳව ලතැවීමට අවශ්‍ය නොවන බවත් ඉදිරි වසර තුන ඉතාමත් වැදගත් බවයි මෙහිදී අගමැතිවරයා සඳහන් කලේ. ගතවූ වසර දෙක වැදගත් වන්නේ විපක්ෂයට බවද මෙහිදී අගමැතිවරයා අවධාරණය කළේය.

” කොරෝනා වසංගතය අපිව ඇඳලා දාල තියෙන අගාධය වරායේ ගැඹුරට වැඩියි. අපිට ජනතාවට හංගන්න දෙයක් නෑ. හංගන්න අවශ්‍යත් නෑ.ආණ්ඩුව තමන්ගේ පහසුව ගැන පමණක් හිතන්නේ නෑ. රට ගැන තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා. අනාගතය අපි භාරගමු”

“කොරෝනා වසංගතය අපිව ඇඳලා දාල තියෙන අගාධය වරායේ ගැඹුරට වැඩියි. අපිට ජනතාවට හංගන්න දෙයක් නෑ. හංගන්න අවශ්‍යත් නෑ.ආණ්ඩුව තමන්ගේ පහසුව ගැන පමණක් හිතන්නේ නෑ. රට ගැන තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා. අනාගතය අපි භාරගමු”ලෙස මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.

නිකරුණේ ගෙවිලා ගිය වසර දෙකක කාලය ගැන ළතවෙලා වැඩක් නෑ. ඵලක් නෑ දැන්. ඒක වැදගත් විපක්ෂයට විතරයි.

ආණ්ඩුවට වැදගත් ඉදිරි වසර තුන පිළිබඳවයි. ඒ වසර තුන තීරණාත්මකයි. අතීතය නොව අනාගතයයි අපි භාරගන්න ඕනේ. ගෙවුණු අතීතය ආණ්ඩුවට නැවත ගන්න බැහැ. ඒක අදින්න පුළුවන් වැඩකළොත් විතරයි.

අපි මුහුණ දීලා තියෙන කටුක තත්ත්වය පිළිගන්න ඕනේ. කොරෝනා වසංගතය අපිව ඇදලා දාලා තියෙන ආගාධය පිළිබඳව වරායේ ගැඹුරට වඩා වැඩියි කියලයි මම විශ්වාස කරන්නේ. ඒක අපි ජනතාවට හංගන්න ඕනේ නෑ. හංගන්නෙත් නැහැ.

පැත්තකින් යහපාලන ආණ්ඩුව විදේශ සමග ගහපු ගිවිසුම්. පැත්තකින් ඒවා යළි නිදහස් කරගෙන දියුණු කරන එක. මේ මරමස්ථාන නිදහස් කර ගන්නත් ඒවා දියුණු කරන්නත් මුදල් හොයා ගන්නත් ඕනේ.

මේ සේරම මැද ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නත් ඕනේ. ජාතියේ අපේක්ෂාවන් ආරක්ෂා කරන්න ලොකු කැපකිරීමක් කරන්න වෙයි. රට ගැන තියෙන බලාපොරොත්තු අතහරින්න එපා. ගෙවුණු වසර දෙක අපේ විවේචකයින්ට කරගහගෙන යන්න භාරදෙමු. අනාගතය අපි භාරගමු.”

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉදිකිරිමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles