Monday, May 20, 2024

අවදානමෙන් මිදී නැහැ – රට තවමත් රතු කලාපයේ – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

ශ්‍රී ලංකාව කොවිඩ් අවදානම් තත්වයේ රතු කලාපයෙන් ඉවත් කර ගැනීමට නම් මෙරට PCR පරීක්ෂණ ධනාත්මක වීමේ අවදානම අඩු කර ගත යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අවධාරණය කර සිටිනවා.

මාධ්‍යය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියා සිටියේ ඒ අනුව තවත් කොවිඩ් රැල්ලක් රට තුළ ඇති වීම වැලැක්වීමට ක්‍රියා කළ යුතු බවයි.


English

தமிழ்https://www.youtube.com/embed/OdHkswLYNCk?rel=0&autoplay=1

”අවදානමෙන් මිදී නැහැ…රට තවමත් රතු කලාපයේ ” -SLMA

කර්තෘ Sagarika Chathumali

14 Sep, 2021 | 3:08 PM

COLOMBO (NEWS1ST) :  රටක් ලෙස ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැතැයි, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අද (14) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, තවදුරටත් දෛනිකව රෝගීන් 2000 කට වැඩි පිරිසක් මෙරටින් හඳුනා ගන්නා බවත් ඊට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් සමාජයේ සිටින බව ඉන් කියැවෙන බවත් ය.

ඩෙල්ඩා ප්‍රභේදය මේ වනවිට රට පුරාම පැතිරී යාම වැනි කරුණු දෙස අවධානය යොමු කිරීමේදී  රට අවදානම් තත්ත්වයෙන් මිදී ඇති බවට කිසිසේත් ප්‍රකාශ කළ නොහැකි බව ද  විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.

විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළේ, පවතින කොවිඩ් රැල්ල යම් බැස්මකට නතුව ඇති අවස්ථාවක වඩා වැදගත් වන්නේ, යළි රැල්ලක් ඇති වීම වළක්වා ගැනීම සඳහා සියලු දෙනා පියවර ගැනීම බවයි.

Newsfirst ඇසුරිනි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles