Friday, January 24, 2025

රට රැකගන්න යුක්‍රේන ජනපති යුද බිමට බහී

රුසියානු හමුදා යුක්රේනයේ අගනුවරට ප්‍රදේශ කිහිපයකින් ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අගනුවර ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප බවට පත්කර ඇති බවයි එමගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ අතර යුක්‍රේනය රැක ගැනීම වෙනුවෙන් තනිව සටන් කරන බව යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

රුසියානු ආක්‍රමණය මැඩ පැවැත්වීමට බටහිර මිත්‍ර පාර්ශ්වික රටවල්වලින් යළි උදව් ඉල්ලා සිටින බවයි යුක්‍රේන ජනාධිපති වොලොඩමීර් සෙලෙන්ස්කි පවසන්නේ.

යුද්ධය අවසන් කිරීමට නම් රුසියාව, යුක්රේනය සමග කඩිනම් සාකච්ජාවකට පැමිණිය යුතු බවයි යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ.

එමෙන්ම යුක්‍රේන ජනාධිපති වොලොඩමීර් සෙලෙන්ස්කි යුධ ඇඳුමින් සැරසී සොල්දාදුවන් සමඟින් සටන්බිමේ සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතිනවා.

එමෙන්ම යුක්‍රේන ජනාධිපති වොලොඩමීර් සෙලෙන්ස්කි යුද ඇඳුමින් සැරසී සොල්දාදුවන් සමඟින් සටන්බිමේ සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles