රට වැහුවත් ජනතාව නහයයි කටයි වහන්නේ නැත්නම් කොවිඩ් පාලනය කරන්න බැහැ – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

0
306

ජනතාව සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නැත්නම් රට වැසීමෙන් පමණක් කොරෝනා වෛරසයේ පැතිරීම පාලනය කළ නොහැකි බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

“ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන වෛරසයක්. සියලුම ජනතාව තම තමා ආරක්ෂා වෙනවානම් මම හිතන්නේ මේකේ පැතිරීම තවදුරටත් අපිට පාලනය කර ගන්න පුළුවන්. ලංකාවේ තිබේ සියලුම එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට ආරක්ෂාව දෙනවා. ඒ බව විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙනවා. ඒ නිසා ළඟම තියෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න. රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් අර සෞඛ්‍ය උපදෙස් ටික පිළිපැද්දේ නැත්නම් මීටරයේ දුර තිය ගත්තේ නැත්නම් අනවශ්‍ය විදියට සෙනග ඉන්න තැන්වලට යනවා එනවා නම් ඒ නිසා රට වැහුවා කියලා මේ දේවල් නවත්වන්න බැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්” ලෙස ඇමතිතුමිය පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here