Monday, April 29, 2024

මේක නිකං සෙම්ප්‍රතිශ්‍යාවක් විතරයි නං දවසට 200 ක් මැරෙන්නෙ කොහොමද – විපක්ෂ නායක

වෛද්‍ය විශේෂඥයන් දිගින් දිගටම පුරෝකතනය කළ ආකාරයට දෛනික කොවිඩ් මරණ ප්‍රමාණය 200 ඉක්මවා ගොස් ඇති බවත්, දෛනිකව එතරම් ප්‍රමාණයක් මියයද්දී ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් කොරෝනා වසංගතය එතරම් සැළකිල්ලට නොගත යුතු සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් මට්ටමට සලකා ප්‍රකාශ නිකුත් කිරීම සමස්ත රටේම අවසනාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සිය පියාගේ අකල් වියෝව හේතුවෙන් සමීපතමයන් අහිමි වීමේ කම්පනය කෙතරම්දැයි අත්දැකීමෙන්ම දන්නා බවත්, ඒ අනුව කොවිඩ් වංසගත තත්වය හේතුවෙන් හිටිවනම සිය සමීපතමයන් අහිමි වීමේ වේදනාව විඳින, කම්පනයට පත් දහස් ගණනකගේ හැඟීම් තමාට හොඳින්ම තේරුම් ගතහැකි බවත් විපක්ෂ නායකයා පවසනවා.

වසංගතයෙන් කෙසේ හෝ බේරී සිටින ජනතාවට බඩුමිල මාරයාගෙන්ද බේරී සිටීමට දැවැන්ත සටනක් කිරීමට සිදුව ඇති බවයි විපක්ෂ නායකයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. පසුගිය මාසයේ රුපියල් 115 ක් ලෙස පැවති සීනි කිලෝවක මිල ඊයේ වනවිට රුපියල් 210 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල දිනපතා ඉහළ යන තත්වයට පත්ව ඇති බවයි.

Lanka News Web

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles