Monday, April 29, 2024

රට වහනවට විරුද්ධයි මේ නිසා මිනිස්සු ලොකු මානසික පීඩනයක ඉන්නෙ – ඊයේ මට බැනපු හැමෝටම ස්තුතියි – එස්.බී

කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා රට වසා දැමීම කිසිදු ප්‍රතිඵලයක් නොමැති ක්‍රියාවක් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. රට වසා දැමීම හේතුවෙන් ජනතාව විවිධ අපහසුතාවලට පත් වනවා පමණක් නොව කුඩා දරුවන්, තරුණයන් ඇතුලු විවිධ සමාජ කණ්ඩායම් විශාල මානසික පීඩනයකට පත්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ලොවපුරා මහාචාර්යවරුන් 6000 ක් එකතු වී ලොක්ඩවුන් වැනි නීතිවලට එරෙහිව පෙත්සමක් අත්සන් කර ඇති බවත් රටවල් වසා දැමීම නිසා විශේෂයෙන් තරුණයන්, දරුවන් අතර මානසික රෝග ඉහළ යාම, සියදිවි නසා ගැනීම් බහුලව වාර්තා වීම වැනි තත්වයක් පිළිබඳව එම මහාචාර්යවරුන් පෙන්වා දෙන බවත් දිසානායක මහතා පවසනවා.

විශේෂයෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් ජනතාව තුළ මරණ බිය ඇති කිරීම ඉතා අහිතකර බව එම මහාචාර්යවරුන් අවධාරණය කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඊයේ දිනයේදී තමා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් ඇතැම් පුද්ගලයන් දැඩිලෙස කලබලයට පත්ව ඇති බවත්, තමා විවේචනයට ලක්ව ඇති බවත් පෙන්වා දෙන දිසානායක මහතා පවසන්නේ එල්ල වන විවේචන සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවයි. එම ප්‍රකාශය කිරීමේ අරමුණ වූයේ ‍කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති අනියත බිය නැති කිරීම බවද මන්ත්‍රීවරයා පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles