Sunday, September 22, 2024

රනිල් වික‍්‍රමසිංහට – පාලිත රංගේ බණ්ඩාරට අධිකරණයෙන් තහනම් නියෝගයක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට සහ පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් අද නිකුත් කළේය.

සමගි ජන බලවේගයට සහාය ලබාදුන් බවට චෝදනා කරමින් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබූ ඉමදුව ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සහ මන්ත‍්‍රීනි හර්ෂනී කණ්ඩම්බි, හබරාදුව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් වන රෝහණ ප‍්‍රියන්ත සහ මනුජිත් ළමාහේවා විසින් අධිකරණයේ ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරු අරුණ අළුත්ගේ විසින් මෙම නියෝගය ලබාදුන්නේය.

ඒ අනුව එම මන්ත‍්‍රීවරුන් වෙනුවනට වෙනත් අය නම් කිරීමෙන් හෝ පක්ෂයෙන් පහ කිරීමේ ලිපි ප‍්‍රකාරව කිසිදු පියවරක් ගැනීමෙන් වලක්වන වාරණ නියෝගයක් අධිකරණය ලබාදුන්නේය.

නීතීඥ සංජිව කළුආරච්චිගේ උපදෙස් පරිදි නීතීඥ තාරක නානායක්කාර ඇතුළු නීතිඥවරුන් පෙනී සිටි අතර එක්සත් ජාතික පක්ෂය විසින් පැමිණිලිකාර මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගැනීමේදී ස්වභාවික යුක්තියේ මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනයකර ඇති බවට කරුණු වාර්තා කළේය. පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරිමේ සිටම ස්වභාවික යුක්තියේ මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවත් ඒ නිසා නෙරපාහැරීම මුල සිටම නීතිය ඉදිරියේ අවලංගු සහ ශන්‍ය බවටත් පැමිණිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තාරක නානායක්කාර පැවසුවේය.

ඔහු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය රනිල් වික‍්‍රමසිංහට, පාලිත රංගේ බණ්ඩාර සහ විනයක මිටු සාපතිවරයාට එරෙහිව මෙම වාරණ නියෝගය ලබාදුන්නේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles