රාජපක්ෂ සමයේ හිටපු අගවිනිසුරුගේ කෙරුවාව ජනපති හෙළිකරයි

0
401

තමා ජනාධිපති ධුරයට පත්වූ පසු හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා දෙවරක්ම තම නිල නිවසට පැමිණ තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන බව කී බවද, එනිසාම විධායක බලය භාවිත කරමින් මොහාන් පීරිස් මහතා ඉවත් කළ බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  (16) පැවසීය.

වරකාපොළදී අද පැවැති රැස්වීමකදී ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ මෙතක් කළක් හෙළි නොකළ කාරණයක් විස්තර කරමිනි.

‘‘ජනවාරි නව වැනි දා මම ජනපති ලෙස දිවුරුම් දුන්නා. ඊට පසු දින රාත්‍රී නවයට දහයට පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේ එදා සිටි ලොක්කා මා හමුවෙන්න ආවා“

“මාව අයින් කරන්න යනවා සර්. මාව අයින් කරන්න එපා. සර්ට ඕන විදියට මම වැඩ කරන්නම්.“
කියා ඔහු කිව්වා.  අගවිනිසුරු ඉවත් කිරීමේ තීරණයක් නැහැයි කියා ඔහුට පිටව යන ලෙස දැනුම් දුන්නා. ඊට පසුදින ඔහු යළිත් මා හමුවීමට පැමිණියා.

“සර් මාව ඉවත් කරන්න යනවා. මාව අයින් කරන්න එපා. සර්ලට ඕන විදියට මං වැඩ කරන්නම්“ කියා ඔහු දෙවැනි වතාවටත් කිව්වා.

“මම ඒ වෙලාවේ තේරුම් ගත්තා ඒ කාලේ මෙයාලා කොහොමද තීන්දු දුන්නේ කියලා. එනිසාම මම තීරණය කළා මොහු ඉවත් කළ යුතු බව. මම ප්‍රථම වරට විධායක බලය භාවිතා කළේ ඔහු ඉවත් කිරීම සඳහායි.“ යයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here