Tuesday, January 28, 2025

රුසියානු රාජ්‍ය අනුග්‍රහය ලබන Russia Today සහ Sputnik නාලිකා තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කරයි

යුරෝපා සංගමය විසින් රුසියානු ප්‍රවෘත්ති ආයතන දෙකක් වන “රුසියා ටුඩේ” (RUSSIA TODAY) සහ ස්පුට්නික් (SPUTNIK) තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

යුරෝපා සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ නියෝජිතයකු නිවේදනය කර ඇත්තේ,

රුසියානු සාවද්‍ය හා ඉතා අසත්‍ය තොරතුරු වලට එරෙහි වීමට ගත් උත්සාහයක් ලෙස මෙම ආයතන දෙක තහනම් කරන බවයි.

ක්‍රෙම්ලින් මාධ්‍ය යන්ත්‍රයට එරෙහිව පෙර නොවූ විරූ පියවරක් ලෙස රුසියානු රාජ්‍ය පිටුබලය ලබන නාලිකා RT සහ ස්පුට්නික් තහනම් කරන බව යුරෝපා සංගමය නිවේදනය කර ඇත.

යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen මෙසේ පැවසුවාය: “Russia Today සහ Sputnik මෙන්ම ඔවුන්ගේ අනුබද්ධ සමාගම්වලට තවදුරටත් පුටින්ගේ යුද්ධය සාධාරණීකරණය කිරීමට සහ අපගේ සංගමය තුළ බෙදීම් වැපිරීමට ඔවුන්ගේ බොරු පතුරුවා හැරීමට නොහැකි වනු ඇති බවටයි. එම නිසා යුරෝපයේ ඔවුන්ගේ විෂ සහිත සහ හානිකර වැරදි තොරතුරු තහනම් කිරීමට මෙවලම් සංවර්ධනය කරමින් සිටින බව පැවසුවා ය.

.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles