Friday, May 3, 2024

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය වන Antonov An-225 රුසියානු ප්‍රහාර හමුවේ විනාශයට පත්වෙයි

ලෝකයේ දැනට පියාසැරි මට්ටමේ පැවැති එකම විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාව වන ඇන්ටනොව් සමාගමට අයත් AN-225 Mriya ගුවන් යානය රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර හේතුවෙන් විනාශ වී ඇතැයි යුක්රේන විදේශ අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍ය දිමිත්‍රෝ කුලෙබා ඊයේ දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම ගුවන් යානය විනාශ වූ බව නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේය.

මෙම AN-225 Mriya ගුවන් යානය කියුව් අගනුවර පිහිටි ඇන්ටනොව් ගුවන් තොටුපොළේ (හොස්ටොමෙල් ගුවන් තොටුපොළ) රඳවා තිබී ඇත. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සිට රුසියානු හමුදාවන් මෙම ගුවන් තොටුපොළ අත්පත් කරගැනීමේ මෙහෙයුම්හි නිරතව සිටින අතර, ඊයේ දිනයේදී මෙම ප්‍රහාරය එල්ලකර තිබේ.

ඊයේ දිනයේදී නිකුත් වුණු චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් මගින්ද මෙම විනාශය පිළිබඳව කරුණු තහවුරු කෙරී ඇත. එහිදී එම යානය රඳවා තිබූ හැගරය ගිනිගෙන විනාශ වන ආකාරය දැක්වෙයි.

“රුසියානු ආක්‍රමණිකයන් යුක්‍රේන ගුවන් සේවයේ ප්‍රමුඛයා වන ජනප්‍රිය An-225 Mriya විනාශ කළහ. එය සිදු වූයේ කියෙව් අසල හොස්ටොමෙල් හි ඇන්ටනොව් ගුවන් තොටුපළේදී ය, ” යනුවෙන් යුක්‍රේන රාජ්‍ය ආයුධ Ukroboronprom උක්‍රොබොරොන්ප්‍රොම් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබෙි.

ගුවන් යානය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඩොලර් බිලියන 3 කට වඩා වැඩි මුදලක් වැය වන බවත් දිගු කාලයක් ගතවනු ඇති බවත් එහි සඳහන් විය

මෙය ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලෙස සැලකෙන අතර එම ගුවන් යානයේ දිග අඩි 275ක් වන අතර පළල අඩි 290ක් වනවා.

පසුගිය කොවිඩ් සමයේ දී වෛද්‍ය උපකරණ ප්‍රවාහනය සදහා එම ගුවන් යානය වැඩිවශයෙන් යොදාගෙන ඇති බවයි සඳහන් වන්නේ එක් වරක් එම යානය 2018 වසරේ දී මත්තල ගුවන්තොටුපළ වෙතද පැමිණ තිබෙනවා.

මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාව යුක්රේන ඇන්ටනෝව් ගුවන් යානා නිෂ්පාදන සමාගමේ නිෂ්පාදිත එකක් වූ අතර මේ මගින් එකවර ගෙන යා හැකි බර මෙට්‍රික් ටොන් 640ක්. ගුවන් යානාව සඳහා එන්ජින් 6 ක් මගින් ජවය සැපයෙන අතර ඉන්ධන ධාරිතාවය කිලෝ 300,000 ක් ලෙසටයි දැක්වුනේ.

1988 වසරේදී සිය ගුවන් ගමන් ආරම්භ කළ මෙම AN-225 Mriya ගුවන් යානය, මේ දක්වා කාලය තුළදී ලොව පුරා භාණ්ඩ සහ මානුෂීය ආධාර ප්‍රවාහනය කිරීම සඳහා දායකත්වය ලබා දී තිබේ. Mriya යනු යුක්රේන භාෂාවෙන් සිහිනය යන්නයි.

මෙම විනාශය පිළිබඳව අදහස් දක්වා ඇති යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍යවරයා,

“ලෝකයේ විශාලතම ගුවන් යානය AN-225 ම්‍රියා (Mriya) ය. ඇය හැඳින්වූයේය යුක්රේනයේ සිහිනය ලෙසය. රුසියානු හමුදාව කියෙව් අග නගරය අසල Gostomal ගුවන්තොටුපලේ දී ඊයේ ඇයව විනාශ කළේය.

මේ පිළිබඳව යුක්‍රේන වැසියන් සිටින්නේ අසීමිත කම්පනයෙනි. එය ඔවුනගේ භූමිය හා නිදහසේත් අභිමානයේත් සංකේතයට එල්ල කළ පහරක් සේය.

රුසියාවට අපේ සිහිනය (Mriya) විනාශ කළ හැකියි. ඒත් අපි කවදාවත් අපේ ශක්තිමත්බවේ සිහිනය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී යුරෝපියානු රාජ්‍යත්වය විනාශ කරන්න දෙන්නේ නෑ. අපි යළිත් නැගී සිටිනවා.” යනුවෙන් පවසා තිබේ.

තවත් යුක්රේන තරුණයෙක් මෙසේ සිය සමාජ මාධ්‍ය ගිනුමේ සටහන් කර තිබිණි.

“අපි නැවත ඒ ගුවන් යානය ගොඩනගමු. ඒ අපේ සිහින පූර්ණ වශයෙන් සැබෑ කරගන්නා ශක්තිමත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී යුක්රේනයක් තුළය.”

AN-225 Mriya ගුවන් යානය 2018 වසරේ අප්‍රේල් මාසයේදී මෙරට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතද ගොඩබස්වා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles