Sunday, May 19, 2024

ලසිත් මාලිංග T20 ලෝක කුසලානයට යනවා නං මමත් සතුටුයි – නාමල්

ලසිත් මාලිංග මෙවර 20/20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන්නේ නම් මෙරට ක්‍රීඩා ලෝලීන් සියලු දෙනා සතුටට පත්වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එසේ ක්‍රීඩා කරන්‍නේ නම් පෞද්ගලිකව තමාද සතුටු වන බවත් මාලිංග යනු තම පියාගේ ප්‍රියතම ක්‍රීඩකයෙකු බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

කෙසේ නමුත් ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව තරුණ හා නවක ක්‍රීඩකයන් සමග ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට තීරණය කරන්නේ නම් තමාගෙන් ඊට කිසිදු බලපෑමක් නොමැති බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තේරීම් කමිටුවට අනාගතය සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් තිබෙන බවත්, එම අරමුණ වෙනුවෙන් ඔවුන් කණ්ඩායමක් නම්කර ඇති බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ ක්‍රීඩා ඇමතිවරයා ලෙස තමා සිදු කරන්නේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැළසීම පමණක් බවයි.

තේරීම් කමිටුවේ කාර්යයන් සඳහා ඇමතිවරුන් මැදිහත්වීමේ සම්ප්‍රදාය වෙනස් කර ඇති බවද ඔහු පවසනවා. එසේ අනිසි මැදිහත්වීම් සිදු කිරීමේ ප්‍රතිඵල මේ වනවිට රටම භුක්ති විඳිමින් සිටින බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එවැනි මැදිහත්වීම් සිදු කිරීමට තමාගේ කිසිදු බලාප‍ොරොත්තුවක් නොමැති බවයි.

තේරීම් කමිටුව ස්වාධීනව ඔවුන්ගේ කටයුතු සිදු කරන බවත්, ඇමතිවරයා ලෙස තමා අමාත්‍යංශයට හිමි රාජකාරිය සිදු කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles