Friday, September 20, 2024

ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ ස්ථානයකට ශ්‍රී ලංකාවටට තවමත් අවස්ථාව

ඊයේ දකුණු අප්‍රිකාවට එරෙහිව තරගය තියුනු සටනකින් පසු පරාජය වුවද, ICC T20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් අවස්ථාව විවරව තිබෙනවා.

ඒ සඳහා ඉඩ සලසා ගැනීමට නම් ශ්‍රී ලංකාව සිය අවසන් තරග දෙකම ජයගෙන ලකුණු 6ක් රැස් කර ගත යුතුයි.

යම් හෙයකින් ශ්‍රී ලංකාව ලකුණු හයකින් බී කන්ඩයේ තරග අවසන් කර ගත්තේයැයි උපකල්පනය කළහොත්, දල ළකුනු ලබා ගැනීමේ වේගය නොසලකා ඔවුන්ට සුදුසුකම් ලැබිය හැකි ආකාරයයි මේ.

එංගලන්තය ශ්‍රී ලංකාව හමුවේ පරාජය වී ඔවුන් දකුණු අප්‍රිකාව පරාජය කළ යුතුයි.

ඔස්ට්‍රේලියාව  බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශයට එරෙහිව ඉතිරි තරග දෙකම පරාජය විය යුතුයි.

දකුණු අප්‍රිකාව බංග්ලාදේශයට සහ එංගලන්තයට පරාජය විය යුතු අතර බංග්ලාදේශය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව පරාජය කළ යුතු වනවා.

බටහිර ඉන්දීය කොදෙව්වන් ඕස්ට්‍රේලියාව පරාජය කළ යුතු අතරම ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය ද විය යුතුයි.

යම් ලෙසකින් මේ සියල්ල සිදුවන්නේ නම්, ශ්‍රී ලංකාවට දල ලකුණු ළබා ගැනීමේ වේගය සැලකිල්ලට නොගෙන තරගාවලියේ ඉදිරියට යාමට හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් මෙම අවස්ථා සියල්ල කක්‍රියාත්මක වී ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ගේ දෝතට ලෝක කුසලානය නොලැබෙතැයි කිව හැක්කේ කාට ද ?

මීට අමතරව ශ්‍රී ලංකාවට තවමත් සුදුසුකම් ලැබිය හැකි තවත් අවස්ථා කිහිපයක් ඇති නමුත් එම අවස්ථා වලදී දල ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම්ව එම අවස්ථාවන් ක්‍රියාත්මක වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles