ලෝක කුසලානයේ පළමු තරගයෙන් ඕමානයට කඩුලු 10ක පහසු ජයක්

0
347

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (17) පැවැති පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සත්කාරක ඕමානය සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 10කින් පරාජයට පත් වූයේ පැපුවා නිව් ගිනියා කණ්ඩායමයි.

ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඕමානය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පැපුවා නිව් ගිනියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 129ක් රැස් කළා.

නායක අසාද් වලා ලකුණු 56ක් ලබා ගත් අතර, චර්ලස් අමිනි ලකුණු 37යි.

Zeeshan Maqsood ලකුණු 20කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානය පන්දුවාර 13.4ක් තුළ කඩුලු කිසිවක් නොදැවී ජයග්‍රහනය වාර්තා කළා.

Jatinder Singh නොදැවී ලකුණු 73ක් වාර්තා කළේ පන්දු 42කින්. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් සමගින්.

Aqib Ilyas නොදැවී ලකුණූ 50යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here