Sunday, May 19, 2024

ලෝක බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 100ක ණයක්

මෙරට පැතිරි ඇති කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා නිර්මාණය කර ඇති කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර දැක්වීම හා සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවෙන් ණය මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ඉදිරියේ දී හිමිවනු ඇති.

එම මුදල මඟින් මෙරට එන්නත්කරණය සඳහා අවශ්‍ය කරනු ලබන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට අපේක්ෂිතව තිබෙනවා.

මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කරන ලද අතිරේක මුල්‍යයන පහසුකම ලබාගැනීම සඳහා වන කැබිනට් යෝජනාවටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 60ක් එන්නත් කිරීමේ මුලික ඉලක්කය පුළුල් කිරීමට කොවිඩ් කළමනාකරණය සඳහා වු ජාතික කාර්ය සාධක බළකාය අරමුණු කරගෙන සිටිනවා.

අද (22) දිනයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් සම ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් මේ පිළිබඳව පවසා සිටියා.

Asian Mirror

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles