ලෝක වාර්තා හිමි කෙන්යා දිගු දුර ධාවන ශූරිය කපා කොටා මරා දමයි

0
334

කිලෝමීටර 10 දිගු දුර ධාවනයේ ලෝක වාර්තාව හිමි කෙන්යාවේ දිගු දුර ධාවන ශූරී අග්නස් ටිරොප්(Agnes Tirop) තියුණු ආයුධයකින් පහර දී කපා කොටා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ කෙන්යාවේ අයිටන් නගරයේ පිහිටි ඇගේ නිවස තුළය. කෙන්යා මළල ක්‍රීඩා බලධාරීන් පැවසුවේ ඇයගෙ මරණය ඊයේ (13) වාර්තා වී ඇති බවයි.

25 හැවිරිදි ඇය ඝාතනය කර ඇත්තේ ඇගේ ස්වාමිපුරුෂයා විසින් බවට සැක කෙරේ.  පසුගිය මාසයේ ජර්මනියේ පැවති කිලෝමීටර 10 දුර දිවීමේ ඉසව්වේ දී ටිරොප් ලෝක වාර්තාව පිහිටවූවාය. ඇය ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ ද ජයග්‍රාහිකාවකි. 

එසේම මීට මාස දෙකකට පෙර ඔලිම්පික් මීටර් 5000 අවසන් තරඟයේදී සිවුවැනි ස්ථානය දිනාගැනීමට ද ඇය සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here