Friday, May 17, 2024

වජිර, රාජිත සහ ස්ටාර්ලින් එකම තැන හමුවක්

අභාවප්‍රාප්ත වූ ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතාගේ දේහයට එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (14) සවස අවසන් ගෞරව දැක්වීය.

බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙන දේහයට ගෞරව දැක්වීමෙන් අනතුරුව වජිර අබේවර්ධන මහතා වසන්ත ප්‍රිය රාමනායක මහතාගේ පවුලේ ඥාතීන් මුණගැසී ඔවුන්ට තමාගේ සහ එක්සත් ජාතික පක්ෂයේ ශෝකය පළ කළේය.

අනතුරුව එම ස්ථානයට පැමිණ සිටි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා සහ වජිර අබේවර්ධන මහතා අතර දිගු වේලාවක් සාකච්ඡා පැවැත්වීය.

මේ අතර වසන්ත ප්‍රිය රාමනායක මහතාගේ දේහයට ගෞරව දැක්වීමට පැමිණි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා වජිර අබේවර්ධන මහතා සිටින තැනට ගොස් සාකච්ඡා කළේය. දෙදෙනා සාකච්ඡා කරන්නේ ගුරුවරුන්ගේ වැඩ වර්ජනය නතර කරන්නද, තවදුරටත් ඉදිරියට ගෙන යන්නද කියා මෙහි සිටි බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles