Monday, January 13, 2025

වනිඳුට, මහීෂ්ට, කුසල් මෙන්ඩිස්ට ඉන්දීය සංචාරයේ පළමු තරගය අහිමි වන ලකුණු ?

කොවිඩ්-19 ආසාදනය වු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ඉන්දීය තරගාවලියේ පළමු තරගය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසනවා.

ඒ අවුව වනිදු හසරංගට එළඹෙන ඉන්දීය සංචාරය අහිමිවන තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ කෝවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සංචාරයෙන් ඉවත් කෙරුණු වනිදු හසරංග සම්බන්ධයෙන් සිදුකළ නවතම රෝග පරීක්ෂාවේදී තහවුරු වී ඇත්තේ ඔහු තවමත් කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මිදී නොමැති බවයි.

මෙලෙස වෛරසයට ගොදුරු වීම හේතුවෙන් කණ්ඩායමේ ජෛව බුබුලෙන් ඉවත් කළ වනිදු හසරංග ඕස්ට්‍රේලියාව තුළ දී වෙනම රඳවා තිබූ අතර ඔහු තවමත් රැඳී සිටින්නේ එම හුදෙකලාවේමයි.

කෙසේ වෙතත් නැවත වතාවක් කොවිඩ් සම්බන්ධයෙන් සිදු කෙරුනු පරීක්ෂණ වලදී ඔහු සම්පූර්ණ සුවය ලබා නොමැති බව තහවුරු වීම හේතුවෙන් ඔහුට තවදුරටත් ඔස්ට්‍රෙලියාවේ රැඳී සිටීමට සිදුවන බව වාර්තා වෙයි.

මෙි අතර හෙට (23) ඉන්දියාවේ ලක්නව් හි දී ආරම්භ වන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පලමු පන්දුවාර 20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ඉදිරිපෙළ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ම අහිමි වීමේ අවදානමක් මතු වී ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඉන්දියාවෙන් ලැබෙන නවතම තොරතුරු වාර්තා කරන්නේ ඔිස්ට්‍රෙලියාව සමග පැවති අවසන් තරගයේ දී දක්ෂතා අතරට පැමිණි කුසල් මෙන්ඩිස් එම තරගයේ දී ඇති වූ යම් ආබාධ තත්ත්වයකින් තාමත් පීඩා විඳිමින් සිටින බවයි.

ඔස්ට්‍රෙලියාව සමග මෙල්බර්න් හිදී පැවති අවසන් තරගයේදී ලකුණු 69 ක් රැස්කරගත් කුසල් මෙන්ඩිස් එම තරගයේ වීරයා ලෙස ද නම් කෙරුණා.

කෙසේ වෙතත් මේ තරගයේ දී ඔහුගේ පාදයේ සුළු ආබාධයක් හටගෙන ඇති අතර හෙට තරගය සඳහා ඔහුගේ සහභාගිත්වය තවමත් සහතික කළ නොහැකි බවයි කණ්ඩායම් ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර ඔස්ට්‍රෙලියාව සමග පැවැති තරගාවලියේ දී ම ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම දඟ පන්දු යවන්නකු වන මහේෂ් තීක්ෂණගේ හෙට තරග සහභාගිත්වයද අවධානමකට වැටී තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ ඔහු ලක්ව ඇති ආබාධ තත්ත්වයෙන් තවමත් සහමුලින්ම මිදී නොමැති වීමයි.

කෙසේ වෙතත් මහීෂ් තීක්ෂණගේ සහ කුසල් මෙන්ඩිස් ගේ ශාරීරික යෝග්‍යතා තත්ත්වය අද සවස පරීක්ෂාවට ලක් කිරීමට නියමිත අතර ඉන් පසුව ඔවුන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි
කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර ඔස්ට්‍රෙලියාව දී කොවිඩ් -19 ආසාදනය වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා වන වනිදු හසරංගට ද හෙට තරගය අහිමි වන්නේ ඔහු තවමත් කෝවිඩ් ආසාදිත තත්ත්වයෙන් සහමුලින්ම මිදී නොමැති වීම හේතුවෙන්.

බොහෝ විට ඔහුට ඉන්දියාව සමග පැවැත්වෙන පළමු තරගය සහ දෙවන තරගය මග හැරී යනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය තරග 3 කින් සමන්විත වනවා.

පළමු 20යි 20 තරගය පෙබරවාරි 24 වනදා ලක්නව් හී දී ද, දෙවැනි හා තෙවැනි 20යි 20 තරග දෙක එළඹෙන 26 වනදා හා 27 වනදා ධරම්සාලා හී දී ද පැවැත්වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles