Friday, May 17, 2024

වනිඳු ICC හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන සම්මාන ප්‍රධානෝත්සවයේ 2021 හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයා සම්මානයට වනිඳු හසරංග නිර්දේශ වී තිබෙනවා.

ඒ සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රිකට් ක්‍රීඩකයන් වන්නේ මොහොමඩ් රිස්වාන්, මිචෙල් මාෂ් සහ ජොස් බට්ලර් යි.

වනිඳු හසරංග ලොව විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ පළමු ස්ථානයේ පසුවනවා.

මෙි අතර වනිඳු හසරංගට සිම්බාබ්වේ එක්දින තරගාවලිය අහිමි වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදි වනිඳුට ඇති වූ ආබාධය යි.

එහිදී වනිඳු හසරංගගේ පාදයේ මස් පිඩුවේ ඇතිවු ආබාධය නිසා අවසන් තරගයේ අවසන් භාගයේදි පිටියෙන් ඉවත් වුණා.

පසුව කළ ස්කෑන් පරීක්ෂාවේදි තහවුරු වූයේ පාදයේ ඉහල කොටසේ (hamstrings) මස් පිඩුවක් ආබාධයකට ලක්ව ඇති බවයි.

ඒ අනුව වනිඳු ට සති 3 ක පමණ කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කළා.

ලබන 16 වැනිදා ආරම්භ වන සිම්බාබ්වේ එක්දින තරඟාවලිය සදහා ක්‍රීඩා කිරීමට වනිඳුට නොහැකි වීමේ වැඩි ඉඩක් පවතින්නේ ඒ අනුවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles