Tuesday, May 21, 2024

වරායේ නැඟෙනහිර පර්යන්තය ආයෝජකයින්ට දෙන්න මංගලගේ කැමැත්ත

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයට විදෙස් ආයෝජකයන් සම්බන්ධ කර ගැනීම හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අලුත් යුගයක් මෙන්ම නව ජවයක් ලැබෙන බව හිටපු විදේශ හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

විදේශ ආයෝජන යනු රට පාවාදීමක් නොවන බව පේනවා දුන් හිටපු ඇමැති මංගල සමරවීර මහතා වියට්නාමය වැනි සමාජවාදී රටවල් පවා මෙම සත්‍යය අවබෝධ කරගෙන විදෙස් ආයෝජකයන් සමඟ සම්බන්ධ වී ඇති බවද පැවසීය.

2015 වසරේදී යහපාලන රජය විදෙස් ආ‍යෝජකයන් ගෙන්වා ගැනීම සඳහා තැබූ ආරම්භය ඉදිරියට පවත්වා ගැනීමට වත්මන් රජය තීරණය කිරීම සතුටට කාරණයක් බව කී ඒ මහතා, ඒ අනුව කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය විදෙස් ආයෝජකයන් සමඟ එක්ව දියුණු කිරීම සඳහා තමන් පූර්ණ සහයෝගය දක්වන බව කියා සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles