ව්‍යාපාරිකයාගේ සිරුර ලුනාව කලපුවේ..!

0
860

මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ සිරුරක් ලුනාව කලපුවේ තිබියදී අද (04) උදෑසන පොලීසිය විසින් සොයාගෙන ඇත. පොලීසියට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයාගෙන ඇති අතර ඒ වනවිටත් එම පුද්ගලයා මරණයට පත්වී හෝරා ගණනාවක් ගතවී ඇත.

මියගිය ව්‍යාපාරිකයා මොරටුව ප්‍රදේශයේ ලී වෙළඳාම සිදුකරන පුද්ගලයෙක් බවත් ඔහු වයස අවුරුදු 52ක විවාහකයෙක් බවත් වාර්තාවේ. දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන මියගිය පුද්ගලයා පෙබරවාරි 02 දින සිට අතුරුදහන්ව සිට ඇත.

තවමත් මෙය ඝාතනයක්ද නැතිනම් සියදිවි නසාගැනීමක්ද යන්න තහවුරුවී නැති අතර පොලිස් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here