Wednesday, January 15, 2025

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකු මානව බාලදක්ෂයින් ලෙස දිව්රුම් දෙයි

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකු මානව බාලදක්ෂයින් ලෙස දිව්රුම් දී තිබෙනවා.

මෙය සිදුවී ඇත්තේ බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ එක් අංශයක් ලෙස මානවක බාලදක්ෂ ව්‍යාපාරය සුවිශේෂි වී තිබෙනවා.

වැරදිකරුවන් වු පුද්ගලයන් යහපත් විනයගරුක හා සදාචාර සම්පන්න පුද්ගලයෙකු ලෙස සමාජගත කිරිමේ පරම අභිලාසයෙන් මෙම ක්‍රියාදාමය සිදු කර තිබෙනවා.

ඒ අනුව සෑම බන්ධනාගාරයකම මානවක බාලදක්ෂ කණ්ඩායමක් පුහුණු කර තිබෙන බව සඳහන්.

මෙම කටයුතු මානවක බාලදක්ෂ පුහුණුව ලත් බන්ධනාගාර නිලධාරින් විසින් සිදුකරනු ලබයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුමාගේ උපදෙස් හා බන්ධනාගාර කොමසාරිස් ( පාලන හා පුනරුත්ථාපන ) චන්දන ඒකනායක මහතාගේ පුර්ණ මඟපෙන්විම යටතේ මෙය සිදුකර තිබෙනවා.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාර අධිකාරි වරයාගේ අධික්ෂණය හා පුනරුත්ථාපන අංශයේ සියලුම නිලධාරින්ගේ කැපවිම හා උනන්දුව මේ සඳහා වැදගත් වූ බව සඳහන්.

මෙම මානවක සමාජය පුහුණු කිරිමේ කටයුතු බන්ධනාගාර නියාමක මානවක බාලදක්ෂ නායක දර්ශන වි‌ජේසිංහ මහතා විසින් සිදු කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles