Monday, May 20, 2024

වික්ටෝරියා ඉබේ ඇරෙයි!

උපරිම ජල ධාරිතාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් වි ඊයේ (22) අලුයම විවෘත විය.

කදුකරයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඉක්ම යාමත් සමග ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංකීුයව විවෘත වූ බව වික්ටෝරියා වෙිල්ලේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි.

කියුබික් ඝන මීටර් මිලියන 722ක ධාරිතාවයෙන් යුතු එම ජලාශයේ විවෘත වූ වාන් දොරටු මගින් තත්ත්පයට ජලය ඝන මීටර් 159ක් මුදා හැරෙන බව කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

මෙම වර්ෂයේදී වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වූ පළමු අවස්ථාව මෙය වන අතර 20 දා රාත්‍රී 08.10ට දොරටු දෙක පළමු වරට විවෘත විය. එම ජලාශයේ මඩ සොරොව්ව විවෘත කිරීම ද ඊයේ දහවල් සිදුවූ අතර මිනිත්තු විස්සක කාලයක් සොරොව්ව විවෘත කොට දොරටුව අසල තැම්පත්වී තිබුණු මඩ මුදා හැරීමට ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබුණි.

වික්ටෝරියා ජලාශය වාන් දැමීමත් සමඟ සැලකිය යුතු ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාව හරහා රන්දෙණිගල ජලාශයට මුදාහරින බැවින් ගංගාව පරිහරණය කරන පිරිස් දැඩි විමසිලිමත් විය යුතු යැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි.

Related Articles

Latest Articles