Thursday, May 9, 2024

ඊශ්‍රායල්-පලස්තීන ගැටුමට සටන් විරාමයක්!

ඊශ්‍රායල-පලස්තීන ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ මිලියන 1.7ක ජනතාවක් අවතැන්වෙති

පලස්තීන-ඊශ්‍රායල් ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ අවම වශයෙන් මිලියන 1.7 ක ජනතාවක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසයි. ඉන් ලක්ෂ 9ක් පමණ පිරිසක්, එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත සහන සහ කාර්ය ඒජන්සිය විසින්, ගාසා තීරයේ හි පිහිටුවන ලද කඳවුරු 154 ක ජීවත් වෙති.


මේ අතර ඊජිප්තු මාධ්‍ය පෙරේදා (20) වාර්තා කළේ, ඊජිප්තුවට ගාසා තීරයේ සිට රෆා හරස් මාර්ගය හරහා නොමේරූ ළදරුවන් 28 ක් ලැබුණ බවයි. ගාසා තීරයෙන් තුවාල ලැබූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා, ඊජිප්තු වෛද්‍යවරු 38,000ක් සහ 25,000ක හෙද කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා තිබේ.


ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙරේදා (20) නිවේදනයක් පළ කරමින් පැවසුවේ, ඊශ්‍රායල හමුදාව එදින උතුරු ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහලකට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන්, අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් රැසකටට තුවාල සිදු ව ඇති බවයි. රෝහල තුළ අවතැන්වූ දහස් ගණනක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ තුවාලකරුවෝ 700 ක් පමණ සිටිති. මේ අතර ඊශ්‍රායල හමුදාව මධ්‍යම ගාසා තීරයේ බ්‍රෙයිජ් සරණාගත කඳවුරේ එක්සත් ජාතීන්ගේ පාසලකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබේ

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර එකඟ වී ඇති දින 4ක් සඳහා සටන් නැවැත්වීම බ්‍රහස්පතින්දා උදෑසන 10 සිට ක්‍රියාත්මක වන බව හමාස් සංවිධානය පවසා තිබේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව BBC පුවත් සේවය වාර්තා කළේය.

Related Articles

Latest Articles