විදුලි බල මණ්ඩලයේ සේවක වැටුප් සහ දීමනා වෙනුවෙන් පසුගිය මාස තුනේ දී රුපියල් කෝටි 300 කට වැඩි මුදලක් මාසිකව වැය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
මෙය දැරිය නොහැකි මුදලක් බවද ඔහු කීවේය. ඒලෙසින්ම
විදුලිබල මණ්ඩලයේ සේවකයන් 1100ක් ලබන වසරේදී විශ්‍රාම ගැනීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලයට නව බඳවාගැනීම් කිසිවක් නොකරන බවද ඔහු සඳහන් කළේය.