විදුලි බිඳ වැටීමි සමිබන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශයෙන් නිවේදනයක්

0
492

රට පුරා සිදුවූ විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ද මුළුමනින්ම යථා තත්ත්වයට පත් කිරීමට දින 3ක් පමණ ගතවන බව වාර්තා වෙයි.

එබැවින් විදුලි ඉල්ලුම මත පදනම්ව කෙටි කාලීනව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලය සඳහන් කළේ මෙගාවොට් 900ක විදුලිය නිපදවන බලාගාර තුන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනතුරු එලෙස ඉදිරි දින කිහිපයේ දිවයින පුරා ප්‍රදේශවල එලෙස කෙටිකාලීන විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවය.

ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ පෙරවරු 11.30ට පමණ දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here