වීරකැටිය ,කටුවණ ප්‍රා.ලේකම් කාර්යාල ඇමති වජිර අතින් ජනතා අයිතියට

0
318

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයට අයත් ඕකෙවෙල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි සඳහා  මුල්ගල තැබීමේ උත්සවය සහ වීරකැටිය හා කටුවන නව ප්‍රාදේශිය ලේකම් කාර්යාල ජනතා අයිතියට පත් කිරීම  ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ අනෙකුත් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන්මේ මස 10 වන සදුදා දින පැවත්වේ.

 

ඒ අනුව ඕකෙවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලට මුල් ගල තැබීම එදින පෙ.ව. 9.00 ට සිදු කිරීමට නියමිත අතර වීරකැටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම පෙ.ව. 10.30 ට සිදු කිරීමට නියමිතය. කටුවන ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම ප.ව. 2.00 ට එම කාර්යාල පරිශ්‍රයන්හිදී සිදු වේ.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීමෙන්, වඩා කාර්යක්ෂම, ගුණාත්මක හා විශ්වාසනීය මහජන සේවයක් ඇති කිරීම මෙම නව කාර්යාලීය ගොඩනැගිලි ඉදිකිරිමේ අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here