Saturday, May 18, 2024

සමාජශාලා ගැටුම

කොළඹ කොම්පඤ්ඤවීදියේ රාත්‍රී සමාජ ශාලාවක දී අද (09) පාන්දර සිදුවූ ගැටුම සම්බන්ධයෙන් තරා තිරම නොබලා පරීක්ෂණ කර වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සිට ආරක්ෂක ප්‍රධානීන් අමතා නියෝග කර තිබේ.

සමාජ ශාලාවට ඇතුළු වීමට පැමිණි ජනාධිපති ආරක්ෂක අංශයේ (පීඑස්ඩී) යේ පිරිසක් සමාජ ශාලාවේ රැකවලා සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර රැකවලාට පහර දී සමාජ ශාලාවේ වීදුරුවක් ද බිඳ දමා ඇතැයි දැන ගන්නට තිබේ.

මෙම සිද්ධිය දඩමීමා කරගෙන මීට ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන මහතාගේ නම ඈඳා ගනිමින් පරාජිත දේශපාලුවන් සහ මඩ වෙබ් අඩවි විසින් මඩ ප්‍රචාරයක් ගෙන යනු ලැබේ.

වුන්හොල් හි පිහිටි “ක්ලික්” නැමැති රාත්‍රී සමාජ ශාලාවේ  (09) වැනිදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

මේවන විට තායිලන්තයේ සංචාරයකට එක්ව සිටින ඒ මහතා එහි සිට මේ නියෝගය කර ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන්  විමසීමකදී ඔහු කියා සිටියේ ගැටුම ඇතිවූ අවස්ථාවේ ජනපති පුත් දහම් සිරිසේන මහතා එහි සිට නොමැති බවයි.

ගැටුම ඇතිවූ දින රාත්‍රී 8.00ට පමණ දහම් එම සමාජ ශාලාවට පැමිණ ඇති අතර ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් බොහෝ වේලාවකට පසුව මේ ගැටුම ඇතිව තිබේ.

සිරිසේන මහතා, වැඩිවේලා එහි නොසිට පිටව ගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ කිට්ටුම යහළුවන් පිරිසක් එහි පැමිණීම නිසා බව පැවසේ.

මීට දින දෙකකට පෙරද දහම් අදාළ සමාජ ශාලාවට ගොස් ඇති අතර එදිනද රොහිතගේ මිතුරන් එහි සිට ඇති බැවින් දහම් ඔවුන් මඟ හැර ඉක්මනින් පිටව ගොස් අති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විසින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, එහි වාර්තාව ද ජනපතිවරයාට ලබාදීමට නියමිත බව පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles