Friday, September 20, 2024

ශ්‍රී ලංකාවට කඩුලු 5 ක විශිෂ්ට ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර ඊයේ පැවැති දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 05කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා. ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 35ක් බැගින් රැස් කළා. ඒ අනුව තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles