Saturday, May 18, 2024

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව කිසිදු අයුරකින් දුර්වල වී නෑ – ජනාධිපති.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා මිස එය කිසිදු අයුරකින් දුර්වල වී නොමැති බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් පසුගිය (27) පස්වරුවේ ජපානයේ නගෝයා නගරයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

13254251_10154082144321327_2586842288685357784_n

අවස්ථාවාදී දේශපාලන බලවේගයන් විසින් සිදුකරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මෙහිදී එම ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා තම මාතෘ භූමිය දෙස සුබවාදී දැක්මකින් යුතුව බලමින් එය ගොඩනැගීමට දායකවන ලෙස ද ඉල්ලා සිටියේය.

අපගේ ආරක්ෂක හමුදාවලට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම එදා ජාත්‍යන්තරයේ ඇතැම් රටවල් විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර අද නැවතත් අපගේ ආරක්ෂක හමුදාවන්ට එම පුහුණු අවස්ථා උදාකරදීමට ඔවුන් ඉදිරිපත්වී සිටින බව සිහිපත් කළ ජනාධිපතිතුමා රජය, ආරක්ෂක හමුදාවන් පාවා දෙන බවට ඇතැම් වෙබ් අඩවි ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් තමන් ප්‍රතික්ෂේප කරන බව ද කියා සිටියේය.

යුද්ධය අවසන් වීමෙන් පසු පශ්චාත් යුධ සමයේ ඉටුකළ යුතු වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම නිසා වත්මන් රජයට ජාත්‍යන්තරය හමුවේ උත්තර බැඳීමට සිදුව ඇති බවද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ජපානය, වියට්නාමය, කොරියාව වැනි රටවල් යුධ ජයග්‍රහණ සදාකාලික ජයග්‍රහණයක් බවට පත් කර ගනිමින් ලෝකයේ ප්‍රබුද්ධ රටවල් බවට පත්වූ නමුත් ශ්‍රී ලංකාව ඒ සඳහා අසමත් වූ බවද කියා සිටියේය.

ජාතික සංහිඳියාව ගඩොලින්, සිමෙන්තියෙන් ගොඩනැඟිය නොහැකි අතරම වසර 27 ක් පුරා උතුරේ සහ දකුණේ ජනතාව අතර තිබූ සැකය සහ අවිශ්වාසය ගඩොලින් සිමෙන්තියෙන් දුරුකල නොහැකි බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

උතුරේ ඉඩම් නිදහස් කිරීම පිලිබඳ මෙහිදී ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ තමන්ට හිමි ඉඩම කිසිවෙකු අත්පත් කරගතහොත් මාසයක්, දෙකක් වසරක් බලා සිටිය හැකි මුත් ඉන් ඉදිරියට එසේ කටයුතු කළ නොහැකි බවත් නමුත් උතුරේ ජනතාව මේ ඉල්ලා සිටින්නේ වසර 27 ක් පුරා පැවති අපේක්ෂාවක් බවත් පෙන්වා දුන්නේය.

ජී 7 සමුළුවේදී තමන්ට සියලූ රාජ්‍ය නායකයින්ගෙන් ලැබුණු මිත්‍රශීලි මෙන්ම ලෙන්ගතු පිළිගැනීම පිලිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා එයින් තහවුරු වෙන්නේ ශ්‍රී ලංකා නව රජයේ වැඩපිළිවෙලට ජාත්‍යන්තරයෙන් ලැබී ඇති විශ්වාසය සහ ආශිර්වාදය බව ද කියා සිටියේය.

13327561_10154082144051327_392090335498339541_n

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් මෙහිදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක ද නිරත විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles