ශ්‍රී ලංකා කණ්ඩායම ඔිස්ට්‍රෙිලියාව බලා යද්දී චාමික කරුණාරත්නට ගමන අහිමි වෙයි

0
541

ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා නම් කර සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට කෝවිඩ් 19 ආසාධනය වී ඇති බවට වාර්තා වේ. මේ බව තහවුරු වී ඇත්තේ ඕස්ට්‍රේලියානු සංචාරය ට පිටව යෑමට පෙර කළ PCR පරීක්ෂණයේදීයි. චාමිකව මේ වන විට නිරෝධායනය වෙත යොමු කොට ඇති බවටද වාර්තා වේ.

මෙි අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (03) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

එම තරගාවලිය එළඹෙන 11 වැනිදා ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග නැවතත් කණ්ඩායමට එක්ව තිබෙන බවද වාර්තා වනවා.

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා වේගපන්දු පුහුණු උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එරටදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවත් වාර්තා වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

දසුන් ශානක (නායක),

චරිත් අසලංක (උප නායක)

අවිෂ්ක ප්‍රනාන්දු

පැතුම් නිස්සංක

ධනුෂ්ක ගුණතිලක

කුසල් මෙන්ඩිස්

දිනේෂ් චන්දිමාල්

චාමික කරුණාරත්න

ජනිත් ලියනගේ

කමිල් මිශාර

රමේෂ් මෙන්ඩිස්

වනිඳු හසරංග

ළහිරු කුමාර

නුවන් තුෂාර

දුෂ්මන්ත චමීර

බිනුර ප්‍රනාන්දු

මහීෂ් තීක්ෂණ

ජෙෆ්රි වැන්ඩර්සේ

ප්‍රවීන් ජයවික්‍රම

ශිරාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here