ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩල සාමාජික ඩිල්ශාන් ෆොන්සේකාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
මීට අමතරව ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට එක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර හට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වුණා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් විශේෂ නිවේදයක් ද නිකුත්කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු තරග සංචාරයට පිටවයාමට පෙර මේ වනවිට ජෛව ආරක්ෂිත බුබුලක රැඳී සිටින බවත් සංචිතයට සහ සහායක කාර්ය මණ්ඩලයට සිදු කරන ලද සාමාන්‍ය PCR පරීක්ෂණයක දී දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.
නුවන් තුෂාර සහ සහාය කාර්ය මණ්ඩල සාමාජික ඩිල්ශාන් ෆොන්සේකා පෙබරවාරි මස 10 වනදා වන විට ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.