ශ්‍රී ලංකා ක්‍රිකට් හැරවුමේ සංචාරය 25

0
726

සිම්බාබ්වේ කණ්ඩායම හා පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියක් හා ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියකට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන 25දා දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

කෙසේ වෙතත් තරගාවලිය සඳහා එක්වෙන කණ්ඩායම තවමත් නම් කොට නොමැත.

මෙම තරගාවලියට තමා එක්කර නොගන්නා බවට තිලකරත්න ඩිල්ෂාන්ට දැනුම් දීමත් සමග ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමටත් තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑත කාලීනව ඉහළම දායකත්වයක් ලබාදුන් ක්‍රීඩකයන් තිදෙනෙකු වෙන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා තිලකරත්න ඩිල්ෂාන් නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here