Friday, May 17, 2024

බදු ආදායමෙන් 94%ක්‌ ණයවල පොලිය ගෙවන්න වෙලා-ඇමති දය ගමගේ

“ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අලුත් අමාත්‍යාංශයක්‌. මේ නිසා සැලසුම් කරන්න අවුරුද්දක්‌ ගියා. දැන් ඒවා ක්‍රියාත්මක කරන්නයි අපට තියෙන්නෙ. පසුගිය රජය ගන්න පුළුවන් හැමතැනකින්ම ණය අරගෙන අද වෙන කොට අපේ බදු ආදායමෙන් 94% ක්‌ ගෙවන්න වෙලා ඒ ණයවල පොලිය පමණක්‌ බේරන්න.

මම අහගෙන හිටිය රත්නපුරේදී මහින්ද රාජපක්‌ෂ මැතිතුමා කියනවා අවුරුදු දෙකෙන් එකක්‌ යන්න ඉස්‌සර වෙලා ආයෙත් ආණ්‌ඩුවක්‌ හදනවා කියලා. මට තේරෙන්නෙ නෑ එතුමාට ජනාධිපති වශයෙන් අවුරුදු 2 ක්‌ ඉන්න පුළුවන්කම තියෙද්දී ජනාධිපතිකම දමා ගියේ ඇයි කියලා.

දයා ගමගේ අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කළ ප්‍රයිම් එක්‌ස්‌පෝ  ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්‌ථාවට සහභාගිවෙමින් ඇඹිලිපිටිය මහවැලි බුද්ධි මණ්‌ඩපයේ පැවැති උත්සවයේදීය. අපනයන කෘෂිකර්ම ගොවීන් 100 දෙනකුට රු( ලක්‌ෂ 5 1/2 වටිනා චෙක්‌පත් ප්‍රදානය ඇමැති අතින් සිදු විය. පුද්ගලික හා රාජ්‍ය ආයතන ඉදිරිපත් කර තිබූ ප්‍රදර්ශන කුටි 41 ද ඇමැතිවරයා නිරීක්‌ෂණය කළේය.

මෙම අවස්‌ථාවට රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 17 ක ගොවීන් දහසක්‌ පමණද, මහජන නියෝජිතයින්ද සහභාගි වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles