Tuesday, May 21, 2024

“ග්ලගයිෆොසෙට්‌්‌” ඕනෑ යෑයි කියන අය වාද පිටියට එන්න – ප්‍රති අභියෝගයට මම ලෑස්‌තියි වකුගඩු රෝග පර්යේෂක වෛද්‍ය චන්න කියයි

තේ වතුවල, පොල් වතුවල ඉහළ පෙළේ විද්‍යාඥයන් ඒ වගේම කෘෂිකර්මයේ සිටින ඇතැම් විද්වතුන්, බහුජාතික සමාගම් සමඟ ඇලී ගැලී කටයුතු කරන රට හා ජාතිය පාවා දෙන්නන් “ග්ලයිෙµdසෙට්‌ නැතුව බෑ… තහනම ඉවත් කරන්න” යෑයි රජයට බලපෑම් කරනවා. ග්ලයිෙµdසෙට්‌ වලින් රටට, ජාතියට සිදුවන හානිය අනන්තයි. විශේෂයෙන් රජරට ජනතාව දැන් ලක්‍ෂයකට වඩා මරු කටේ. ග්ලයිෙµdසෙට්‌ නැතුව බැහැයි කියන අය මා සමඟ වාද පිටියකට එන්න. ඒ අයගේ අභියෝගය පිළි අරගෙන ප්‍රති අභියෝගයක්‌ කරන්න මම ලෑස්‌තියි.

රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රජරට පැතිරෙන වකුගඩු රෝගය පිළිබඳව දොළොස්‌ වසරකට වඩා වැඩි කලක්‌ පර්යේෂණ කරන චන්න ජයසුමන මහතා අභියෝගයක්‌ කරයි.

බහුශ්‍රැතයන් යෑයි කියා ගන්නා අය විස්‌සක්‌ තිහක්‌ අරගෙන එන්න. මම එක පවුලේ හත්අටදෙනා වකුගඩු රෝගයෙන් විපතට පත් පවුල් හත අටක්‌ අරගෙන එන්නම්. අපි ජනතාවට සත්‍යය අවබෝධ කරදෙමු. චන්න මහතා සඳහන් කරයි.

හැටේ දශකයේ දී ඇමෙරිකානු බහුජාතික සමාගම්වල කෘෂි රසායන අවජාතක සංකල්පය, සීනි බෝල තැවරූ “හරිත විප්ලවය” හරහා මෙරට ගොවිතැනට ආදේශ කරමින් දේශීය කෘෂි රටාව නැත්තටම නැති කරදමා කෘෂි රසායන ගොවිතැන මෙරටට හුරුපුරුදු කළා. බහුජාතික සමාගම්වල මෙම සටකපට උපක්‍රමයට අපේ රටේ කෘෂිකර්මය භාරව සිටි ඉහළ කළමනාකරණයේ නිලධාරීන් උඩගෙඩි දුන්නා. රටත්, ජාතියත්, ගොවිතැනත් බහුජාතික සමාගම්වලට පාවාදීම වෙනුවෙන් කෘෂි කළමනාකරුවන්ට සහ ඔවුන්ගේ දූ පුතුන්ට විදේශීය ශිෂ්‍යත්ව, විදේශීය උපාධි, යාන වාහන ආදී අප්‍රමාණ වරදාන බහුජාතික සමාගම්වලින් ලැබුණා. අදත් මේ කෑගහන්නේ ඒ පරපුරේ උදවියයි.

“ග්ලයිෙµdසෙට්‌ තහනම” ඉවත් කරන්න රජයට බල කරමින් රට, ජාතිය පාවා දීමට කටයුතු කරන අයට මිටිපිටින් බහුජාතික සමාගම්වල වරදාන ලැබෙනවා ඇති. කමක්‌ නෑ. අපි කතා කරමු. ජනතාවට සත්‍යය හෙළිදරව් කර දෙමු. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය චන්න ජයසුමන මහතා අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles