Tuesday, April 30, 2024

ගෙවුණු මාස පහ තුළ වනාන්තර අක්‌කර 4000 ක්‌ ගිනිගනී

2016 වසරේ ජුනි මාසයේ සිට මේ දක්‌වා කාලය තුළ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තරවලින් අක්‌කර හාරදහසකට අධික භූමි ප්‍රමාණයක්‌ ගිනිගැනීම්වලින් විනාශ වී ඇති බව වන සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.

ඒ අනුව නුවරඑළිය, රත්නපුරය, බදුල්ල, මහනුවර සහ ගල්ඔය යන ප්‍රදේශවල මෙම ගිනි ගැනීම් වැඩි වශයෙන් වාර්තා වී තිබේ.

මේ කිසිම ගිනිගැනීමක්‌ ලැව්ගිනි හෝ ස්‌වභාවික ගිනි ගැනීමක්‌ නොවන අතර හේන් ගොවිතැන, ළපටි තණකොළ ලබාගැනීම, සතුන් දඩයම් කිරීම සහ විනෝදවීම සඳහා හිතාමතාම විවිධ පුද්ගලයන් තනි තනිව හෝ කීපදෙනකු එකතුව සිදුකරන ගිනි තැබීම් බව ද පැවසේ.

මෙසේ ජාතික අපරාධයක්‌ වශයෙන් කැලෑ ගිනි තබන්නවුන් හඳුනාගෙන නීතිය ඉදිරියට පැමිණවීම සඳහා විශේෂ නිලධාරීන් පිරිසක්‌ යෙදවීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.

අවුරුදු පතා නියං කාලයේදී විශාල වශයෙන් වනාන්තර ගිනි තබන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවලට දැඩි ආරක්‍ෂාවක්‌ යෙදවීමට ද අවධානය යොමුකර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles