ශ්‍රී ලංකා ලෝක කුසලාන අවසන් සංචිතය නිවේදනය කරයි

0
605

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා අවසන් සංචිතය අද ප්‍රකාශයට පත් කෙරිණි.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වී ඇත.

දසුන් ශානක,කුසල් ජනිත් පෙරේරා,දිනේෂ් චන්දිමාල්,ධනංජය ද සිල්වා,පැතුම් නිස්සංක,චරිත් අසලංක,අවිශ්ක ප්‍රනාන්දු,භානුක රාජපක්ෂ,චාමික කරුණාරත්න,වනිඳු හසරංග,දුෂ්මන්ත චමීර,ළහිරු කුමාර,මහීෂ් තීක්ෂණ,අකිල ධනංජය,බිනුර ප්‍රනාන්දු

ලෝක කුසලානය සදහා මීට පෙර නම් කෙරුණු මූලික සංචිතවලට සංශෝදන එක්කරමින් අවසන් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ලබා දී ඇති කාලය අදින් අවසන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here