සජබෙට සහාය දැක්වූ පළාත් පාලන නියෝජිතයන් 21 ක් යළි එජාපයට

0
365

එක්සත් ජාතික පක්ෂය හැරගොස් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් 21 දෙනෙකු නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෙම මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වීම සම්බන්ධව ඔවුන්ට එරෙහිව එජාපයේ විනය කමිටුව විසින් පසුගිය කාලයේ විනය පරීක්ෂණ පැවැත්වූ අතර වජිර අබේවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවේදී දිවුරුම් ප්‍රකාශයක් ලබාදී නැවත පක්ෂය සමග එක්ව ක්‍රියාකාරීව කටයුතු කිරීමට එකඟතාවය පළ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here