Sunday, May 19, 2024

සයිටම් නිසා වෛද්‍ය විරෝධය 04 සදුදා

යහපාලන ආණ්‌ඩුව මාලබේ පුද්ගලික වෛද්‍ය සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමට ගන්නා උත්සාහය ට හා එට්‌කා ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පලකරමින් ලක පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු මේ මස 04 වෙනි සඳුදා  සංකේත වැඩ වර්ජනයක්‌ ආරම්භ කරනා බව පවසයි

මෙම සයිටම් හා එට්කා ඇතුළු රටට වින කරන තවත් කරුණු කීපයක් වෙනුවෙන් මෙතෙක් කල පැහැදිලි කිරීම් උද්ඝෝෂණ නොතකා හිඳිනා ආණ්‌ඩුවට අනතුරු ඇඟවීමක්‌ ලෙස මෙම වර්ජනය 04 වෙනි සඳුදා පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්‌වා පැය හතරක කාලයක්‌ තුලදී සිදු කරන නමුත් මාතෘ, ළමා රෝහල් , පිළිකායතන හා වකුගඩු රෝග ඒකකයන්හි වෛද්‍යවරුන් මෙම වර්ජනයට එක්‌ කර නොගන්නා බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි

තම ඉල්ලීම්වලට මෙම සංකේත වර්ජනයෙන් විසඳුමක්‌ නොලැබුණොත් අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ දක්‌වා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බවද එම සංගමයේ වෛද්‍ය නවීන් සොයිසා මහතා අවධාරණය කලේය

ප්‍රමිතියෙන් තොර ව මුදලම බලවත් කොට ලබා දෙන සයිටම් උපාධිය ගත් උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන යන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ සහ වෛද්‍ය ශිෂ්‍ය මර්දනය ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමකින් තොරව ඉන්දු ලංකා ආර්ථික හා තාක්‍ෂණික ගිවිසුම අත්සන් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ හකුළා ගන්නා ලෙසද මෙම වෛද්‍යවරු ඉල්ලා සිටිති.

එමෙන්ම අදාළ පාර්ශ්වයන්ගෙන් නොවිමසා වෛද්‍ය සේවා ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමට දරන උත්සාහයද ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ අරමුණුවලට පටහැනි සෞඛ්‍ය අමාත්‍යාංශ ක්‍රියා පිළිවෙත, විදෙස්‌ පුහුණුව ලැබ හා ස්‌ථාන මාරු ලැබ පැමිණෙන වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකිරීම, රාජ්‍ය සේවය දිය කර හැරීමේ උත්සාහයන් යන කරුණුද සඳුදා පවත්වන වැඩවර්ජනයට හේතු බව වෛද්‍ය නවීන් සොයිසා මහතා ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles