මෙවර විස්සවි විස්ස ලෝක කුසලානයේ ඊයේ (27) ස්කොට්ලන්තය හා නැම්බියාව අතර පැවති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට නැම්බියා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ නැමීබියාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 109 ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ නැමීබියාව 19 වන පන්දුවාරයේදී සිය ජයග්රාහී ඉලක්කය පසු කර ගියා.
ඒ අනුව ස්කොට්ලන්තය මෙවර තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ක්රීඩා කළ තරග දෙකම මේ වන විට පරාජයට පත් වී තිබෙනවා.