Friday, May 17, 2024

ස්පුට්නික් සහ ෆයිසර් පැමිණීම තීන්දු වෙයි..

ලංකාවට ස්පුට්නික් හා ෆයිසර් එන්නත් ලැබෙන දිනයන්

මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට මුළු ජනගහණයෙන් සියයට 40ක ප්‍රමාණයකට එන්නත් ලබා දී අවසන් කළ හැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ, සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වු කොවිඩ් -19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ වන විට ලංකාවේ එන්නත් 3ක් ලියාපදිංචි කර අවසන් බව ද පැවසු වෛද්‍යවරයා, “සිනෝෆාම්“එන්නත ලංකාවට ආනයනය කිරීම සඳහා පමණක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබන මැයි මාසයේ දී අනුමැතිය ලබාදෙන්නේ නම් ඒ අනුව ඉදිරියේ දී කටයුතු කරන බවත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“ස්පුට්නික් V“ එන්නත් ප්‍රමාණයන් හා ලංකාවට ලැබෙන දිනයන්

  • අප්‍රේල් මාසයේ දී එන්නත් ලක්ෂ 2ක්
  • මැයි මාසයේ දී එන්නත් ලක්ෂ 4ක්
  • ජූනි මාසයේ දී එන්නත් ලක්ෂ 8ක්
  • ජූලි මාසයේ දී එන්නත් මිලියන 1.2ක් 

“ෆයිසර්“ එන්නත් ප්‍රමාණය හා ලංකාවට ලැබෙන දිනයන් 

  • අප්‍රේල් සිට ජූනි දක්වා එන්නත් 35,000ක්
  • ජූලි සිට අගෝස්තු දක්වා එන්නත් 105,000ක්
  • ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා එන්නත් මිලියන 4.8ක්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles