Sunday, May 19, 2024

ස්වාධිනව කටයුතු කරන්න බෑ. තනතුරින් යනවා – පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂත් ඉල්ලා අස්වෙයි

පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
දිගින් දිගටම එල්ල වන බලපෑම් හේතුවෙන් ‌ඒ මහතා ඉල්ලා අස්වී ඇති බව දැනගන්නට තිබේ.
පසුගිය කාලය පුරාම මේ ආකාරයට තමන්ට ස්වාධීනව රාජකාරි කළ නොහැකි බව පවසමින් රාජ්‍ය ආයතනවල
සභාපතිවරුන් සහ නිලධාරීන් රැසක් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබිණ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට ලබන අඟහරුවාදා භාරදීමට තීරණය කළ බව තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි බැවින් ඉල්ලා අස්වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

සුදුලූණු කන්ටේනර් දෙකක් නීති විරෝධීව පිටකිරීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධව තමන් වෙත බලපෑම් පැමිණි බවත් දිගින් දිගටම ඉල්ලා අස්වන ලෙස එන බලපෑම් හමුවේ තමන් ඉල්ලා අස්වන බවත් කී ගුණවර්ධන මහතා මේ වනවිට තම රියැදුරු හා ආයතනෙයන් දුන් වාහනය පවා මේ වනවිට සභාපතිවරයා වෙත භාර දී ඇතැයි කීය.

සීනි පිටි උඳු ඇතුළු පාරිභෝගික භාණ්ඩ රාශියක් මෙසේ වංචා සහගත ලෙසින් පිට පාරේ යන බවත් මෙම සුදුළූණු සිද්ධියේ දී සිදුව ඇත්තේ සතොස මගින් ගෙන්වූ සුදුළූණු වෙනත් ආයතනයකට විකුණා එයින්ම යලී සතොසට මිල දී ගැනීම යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති තැනැත්තා පමනක් ඊට ඉහල තැනැත්තන් පවා ඊට සම්බන්ධ බවත් පෙන්වා දුන් ඔහු මේ සම්බන්ධව වැඩ තහනමට ලක්වන නිලධාරින් ජනතාවට අමතකව ගිය පසු යළි සේවයේ පිහිටුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

දේශපාලන පත්වීමක් වුවත් තමන් හැකි අන්දමින් වංචා දූෂණ මැඩලීමට උත්සාහ කළ නමුත් සමහර දේශපාලඥයින් සමග එය කළ නොහැකි බව පැහැදිලි බැවින් තවදුරටත් මෙම තනතුරේ සිටීමෙන් පළක් නැතැයි ද ඔහු කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles