Sunday, May 19, 2024

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැරිස්ටර්ට අධි චෝදනා

රජය අපහසුතාවට පත් කරමින් අසත්‍ය තොරතුරු සැපයූ බව කියන සිද්ධියට අදාළව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් යන අයට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ (25) ප්‍රකාශ කළේය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන මාලිගාවත්ත පදිංචි ගානියා බැරිස්ටර් ෆැන්සිස් යන ශ්‍රී ලාංකික කාන්තාව කුරුඳුවත්ත බල ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ලිංගික අතවර කර නිශාන්ත සිල්වා යන අයකුට වීසා දීම පිළිබඳ ප්‍රශ්න කර පැය කිහිපයක් රඳවා තබා ගෙන මුදා හැරීම පිළිබඳ ශ්‍රී ලංකා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරියකු විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත 2019 නොවැම්බර් මස 27 දින ලිඛිතව කළ පැමිණිල්ල අනුව විමර්ශන කෙරිණි.

වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ලද උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබූ අතර මේ පැහැර ගැනීමට ලක් වූ බව කියන කාන්තාව එදින සිය දරුවාගේ පාසල වෙත යන අතරතුර මේ පැහැර ගැනීමට ලක් වී ඇති බව එම පැමිණිල්ලේ සටහන් වී තිබිණි.

විමර්ශන කිරීමේදී ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් යන කාන්තාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ දෙන ලෙස දන්වා තිබුණද ඇය ඉදිරිපත් නොවීම මත ඇයගේ විදේශ ගමන් තහනම් කළ පූර්වගාමී මහේස්ත්‍රාත්වරිය දෙසැම්බර් මස 09 වැනි දිනට පෙර ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශ දෙන ලෙසටද නියෝග කර තිබිණි.

එසේම දෙසැම්බර් මස 16 වැනි දින නීතිපතිවරයාගේ උපදෙස් මත ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් යන කාන්තාව මේ නඩුවේ සැකකාරිය කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකාරිය දෙසැම්බර් මස 30 වැනි දින ඇප මත මුදා හරින ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles